Travelling con men

Skip listen and sharing tools

සැරිසරන වංචනිකයන් යනු නිවෙස්වලට හා කුඩා පරිමාණ ව්‍යාපාර වෙත යමින් නඩත්තු කටයුතු ආදිය සිදුකරන බව කියන කෛරාටික කාර්මිකයන්ය.

උණුසුම් කාලවල දී හා ගංවතුර, ගිනි හා කුණාටු වැනි ස්වභාවික ආපදාවලින් පසු, දේපළ පිරිසිදු කරමින් හෝ අලුත්වැඩියා කරමින් සිටින විට ඔවුහු බොහෝ විට පැමිණෙති.

පිවිසුම් මග නැවත සකස් කිරීම, තීන්ත ගෑම, වහලය අලූත්වැඩියා කිරිම හා කාපට් පිරිසිදු කිරීම වැනි කටයුතු අඩු ගාස්තුවකට කර දීමට සැරසරන වංචනිකයෝ ඉදිරිපත් වෙති. බොහෝ විට ඔවුහු 'අද පමණක්' වන දීමනා ඉදිරිපත් කරමින් බල කරති.

ඔවුන් පිටුදැකිය යුත්තේ ඇයි?

සැරසරන වංචනිකයෝ වැඩ ආරම්භ කිරිමට පෙර මුදල් ඉල්ලන අතර, බොහෝ විට මුදල් ගෙවූ වහා ම අතුරුදන්වෙති.

ඔවුන් කිසියම් වැඩක් කළහොත් බොහෝ විට එහි නිමාවක් නැති අතර තත්ත්වයෙන් බාලය.

බොහෝ විට ඔවුන් ඉක්මණින් තැනින් තැනට යන අතර, සාමාන්‍යයෙන් ලබා දෙන්නේ මුල් නමක් හා ජංගම දුරකථන අංකයක් පමණි - ඒ නිසා පසුව ඔවුන් සම්බන්ධ කර ගැනීම දුෂ්කරය.

ඔබ විමසිලිමත් විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?

මෙවන් පුද්ගලයන් ගැන විමසිලිමත්වන්න:

  • පහත දෑ කිරීමට ඉදිරිපත් වෙමින් ඔබේ දොරට තට්ටු කරයි:
    • නිවසේ තීන්ත ගෑම
    • ඔබේ වත්තේ වැඩ කිරීමට හෝ ගස් කැපීම
    • පිවිසුම් මාර්ගවල ගඩොල් ඇතිරීම
    • වහලය සෑදීම
  • 'අද විතරයි' වැනි වචන භාවිත කරමින් ලාභදායී ගනුදෙනු ඉදිරිපත් කිරීම
  • වැඩ කිරීමට පෙර මුදල් ඉල්ලීම
  • අදාළ කටයුත්තට මුදල් ගෙවීමට ඔබව බැංකුවට කැඳවාගෙන යාමට ඉදිරිපත් වීම
  • ඔවුන් ඉදිරිපත් කළ යෝජනාව භාර ගැනීමට ඔබට බල කිරීම
  • අවට වෙනත් වැඩක් අවලංගු වූ නිසා ඔවුන්ට වැඩය කිරීමට හැකි බව පැවසීම

ඔබ ආරක්ෂා වීම- සැරිසරන වංචනිකයන්ගෙන් ආරක්ෂා වීමට උපදෙස්

සැරසරන වංචනිකයෙක් දොරට තට්ටුකරන බව දන්නේ නම් දොර නොහැර සිටින්න.

ඔබ ඔවුන්ට කථා කළොත් පිටව යන ලෙස පවසන්න. පිටව යාම ප‍්‍රතික්ෂේප කිරිම මගින් ඔවුහු නීතිය උල්ලංඝනය කරති.

ඉදිරිපත් වූ වාසි දායක ගණුදෙනුව නොසළකා හරින්න. දීර්ඝ කාලීන වශයෙන් එය වඩාත් මිල අධික විය හැකිය.

ඔබේ නිවසේ යම් කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය නම්:

  • ඔබට ගැළපෙන මිල ගණන් ගැන සොයා බලන්න
  • ලිඛිත මිල ගණන් සපයන ස්ථාවරයකින් යුත් කාර්මිකයන් භාවිත කරන්න
  • කලින් වැඩ කළ තැන් සම්බන්ධ කරගත හැකි ආකාරය විමසන්න, එමගින් ඔබට ඔවුන්ගේ වැඩ ගැන තොරතුරු ලබා ගත හැකිය.
  • ඔබ සූදානම් බව දැනෙන තෙක් කිසිම කොන්ත‍්‍රාත්තුවකට අත්සන් නොකරන්න
  • කාර්මිකයාගේ සම්පූර්ණ නම හා ලියාපදිංචිය හෝ බලපත‍්‍ර තොරතුරු (අදාළ නම්) ඉල්ලා සිටින්න, එවිට ඔවුන්ගේ කර්මාන්ත බලධාරීන්ගෙන් ඒවා පරීක්ෂා කර ගත හැකිය.
  • ඔවුන් වැඩ කරන ආයතනයේ දුරකථන අංකය ඉල්ලා සිටින්න. එමගින් ඔවුන් එහි වැඩ කරන්නේ දැයි ඔබට තහවුරු කර ගත හැකිය.

විශේෂයෙන් ම ආපදාවන්ගෙන් පසු, මුදල්වලට 'අද පමණක්' වන අලූත්වැඩියා දීමනා ඉදිරිපත්කරන අය ගැන විමසිලිමත් වන්න. ආපදාවක දී උපදෙස් සම්බන්ධයෙන් ආපදා පිටුවේ ඉංග‍්‍රීසි භාෂාවෙන් වන උපදෙස් බලන්න.

සැරිසරන වංචනිකයන්ට එරෙහිව කටයුතු කිරීම

කෛරාටික වැඩකරුවන් සම්බන්ධයෙන් ඔබේ ප‍්‍රජාවට අනතුරු ඇඟවීමට, සමාජ ජාල හා ෆෝරම්වල මෙම පිටුවට අදාළ සම්බන්ධකය පළ කරන්න. ඔබ ප‍්‍රදේශයේ සිටින සැරිසරන වංචනිකයන් ගැන ඔබ දන්නේ නම්:

  • ඔවුන්ගේ නම හා වාහන ලියාපදිංචි අංකය ආදී හැකි තරම් තොරතුරු වාර්තා කරන්න
  • ඔවුන් ගැන ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයට වාර්තා කරන්න.